කාන්තා යට ඇඳුම්වලින් අමුතුම සුවයක් සෙවූ තරුණයෙක්.

panty සඳහා පින්තුර ප්‍රතිඵල
කාන්තා යට ඇඳුම් රාත්‍රි කාලයේදී හොරකම් කර ඒවායින් හැදූ කොට්ටවල නිදාගැනීමට පුරුදු වූ ගලේවෙල තරුණයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය වාර්තා කැඳවන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කොටතිබෙනවා.
කාන්තා යට ඇඳුම් සොරකමේ යමින් සිටියදී මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ගලේවෙල පොලිසියට භාරදී තිබෙන්නේ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් පිරිසක් විසින්. ඔවුන්ට මේ යට ඇඳුම් හෙරා අල්ලා ගන්නට හැකිව තිබෙන්නේ ගලේවෙලට ආසන්න ගම්මානයක සිදුවූ අවමංගල්‍යයකට සහභාගිවීමට පැමිණ සිටි අවස්ථාවේදීය. මේ පුද්ගලයා නිවෙසක් අසල සැකකටයුතු ලෙස හැසිරී ඇති අතර එම නිවෙසේ මිදුලේ බැඳ තිබූ රෙදි වැලකින් රෙදි සොරකම් කරනු දැක වහා ඒ වෙත ගිය මෙම කමිටු සාමාජිකයන් යට ඇඳුම් සොරා අල්ලාගෙන තිබෙනවා.
පසුව පොලිසිය විසින් සිදු කළ විමර්ශනයකදී සොරා ගන්නා කාන්තා ඇඳුම් ඇඳීමට ප්‍රිය කරන මේ පුද්ගලයා යට ඇඳුම්වලින්ම සාදාගත් කොට්ටයක් මත හිස තබා ගෙන නිදාගන්නා බවද සොයාගෙන ඇත.

nsbm akka

Categories:
Similar Posts

0 comments:

Comment කිරීමට Signup වියයුතු නැත. Comment as Anonymous යන්න තෝරන්න