ගිනියම් රැය ගිනියම් කළ ‘චමත්කා’

giniyam rae සඳහා පින්තුර ප්‍රතිඵල


ගිනියම් රැය මියුසික්‌ වීඩියෝවත් සමග එහි නිරූපනයේ යෙදුණු චමත්කා ලක්‌මිණී පිළිබඳව මේ වනවිට කතාබහක් ඇතිව තිබෙනවා.
තමන් දායකත්වය දැක්වූ ගිනියම් රැය වීඩියෝව සම්බන්ධයෙන් පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කර ඇත්තේ නරඹපු ගොඩක්‌ අයගෙන් ලැබෙන්නේ අයහපත් ප්‍රතිචාර බවයි.
එම පුවත්පත් සාකච්ඡාවෙන් උපුටා ගත් කොටස් කිහිපයක් පහතින් දැක්වෙනවා.
ගිනියම් රැය අමුතුම මියුසික්‌ වීඩියෝවක්‌ ?
අපි දැනගෙන හිටියා සමාජයෙන් මේ මියුසික්‌ වීඩියෝවට බලපෑමක්‌ එල්ලවෙයි කියලා. ගොඩක්‌ අය මගේ මුහුණට හම්බවෙලා හොඳ කියනවා. තවත් සමහරු මුහුණුපොතේ මට මඩගහනවා.
වීඩියෝ එක සාර්ථකයි කියලා හිතනවාද?
මට නම් සාර්ථකයි. ඒත් නරඹපු ගොඩක්‌ අයගෙන් ලැබෙන්නේ අයහපත් ප්‍රතිචාර.
වීඩියෝ එක එළියට එද්දී බයක්‌ සැකක්‌ දැනුණේ නැතිද?
මම නිරූපිකාවක්‌. මගේ වෘත්තිය නිරූපණය. මගේ රැකියාවේදී බිකිණියක්‌ අඳින්න වුණොත් අඳින්න වෙනවා. ලංකාවේ නිළියන් නිරුවත් දර්ශන කොතරම් නම් රඟපාලා තියෙනවාද?. මේක නිර්මාණයක්‌ විතරයි. ඇයි මේ මිනිස්‌සු නිර්මාණ කරපු අයගේ දිහා වපර ඇසින් බලන්නේ.
මිනිස්‌සු බණිනකොට දුක හිතෙන්නේ නැතිද?
අපොයි නැහැ. ගොඩක්‌ අය බණිනවා, තවත් අය හොඳ කියනවා. හැංගිලා තිබුණ දේවල් නිර්මාණයකින් එළිපිට කතාකළහම සමහරුන්ට කේන්ති යනවා.
giniyam rae සඳහා පින්තුර ප්‍රතිඵල

Categories:
Similar Posts

0 comments:

Comment කිරීමට Signup වියයුතු නැත. Comment as Anonymous යන්න තෝරන්න