බැංකු වීඩියෝව අන්තර්ජාලයට ආ හැටි ගැන පෙම්වතා ඇත්ත වමාරයි


මෙරට පෞද්ගලික බැංකුවක පෙම්වතුන් යුවළකගේ ලිංගික ඇසුරක වීඩියෝවක් පසුගිය සති කිහිපයේදී සමාජ මාධ්‍ය කැළඹුවා.

අදාල තරුණයා තම ජංගම දුරකතනය අලුත්වැඩියාවට දුන් ආයතනයේ තැනැත්තා මේ වීඩියෝ අන්තර්ජාලයේ පැතිරවූ බවයි මුලින් වාර්තා වුණේ. එහෙත් මේ ගැන කෙරෙන අලූත්ම පරීක්ෂණ අනුව එම කතාව බොරුවක් බව වාර්තා වනවා. එම වීඩියෝ මාධ්‍ය වෙත යොමු කර ඇත්තේ පෙම්වතා විසින්ම බවටයි මේවනවිට අණාවරණ වී ඇත්තේ.

ඔවුන් දෙදෙනා අතර වූ ඇසුර දැනගැනීමෙන් අනතුරුව සේවිකාව වෙනත් ශාඛාවකට මාරුකර ඇති අතර, කාර්යාල වලින් මාරු වන්නට සිදුවුවත් ඒ ඇසුර ටික කාලයක් තිබී ඇත. පසුව ඔවුන් අතර කිසියම් විරසකයක් ඇතිවීමෙන් පසුව පෙම්වතියට වෙනත් අයෙකු හා විවාහ වන්නට සිදුවී ඇති අතර ඉන් පෙරද විවාහකයෙකු බව කියන පෙම්වතා ඊට කැමතිවී නැත. ‘මාත් එක්ක හැමදාම ඉන්න බැරි නම් මං අරව ලීක් කරනවා’ යැයි කියමින් ඇයට ඔහු බලපෑම් කර ඇතැයි පැවසෙනවා..

එය නොසලකා ඇය විවාහවූ පසුව අදාල පුද්ගලයා විසින්ම වීඩියෝ අන්තර්ජාලයට එක්කර ඇති බවයි පැවසෙන්නේ. ඔහු උත්සාහ කර ඇත්තේ වීඩියෝ ඇපයට තබා තවත් කාලයක් විවාහක පෙම්වතිය සමග ඇසුර ගෙන යන්නටය. ඇය එය ප්‍ර‍තික්ෂේප කිරීම මෙයට හේතු වී ඇත.

Similar Posts

0 comments:

Comment කිරීමට Signup වියයුතු නැත. Comment as Anonymous යන්න තෝරන්න